17 May 2025


ලිට්‍රෝ ගෑස් මිලට සිදු වූ දේ මෙන්න



දෙසැම්බර් මාසයට අදාළව ලිට්‍රෝ ගෑස් මිල සංශෝධනය නොවන බව එම ගෑස් සමාගම පවසනවා.

ඒ අනුව මේ වන විට පවතින මිල ගණන් ඉදිරියට ක්‍රියාත්මක වන බවයි වාර්තා වන්නේ.

කිලෝග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ලෙසත් කිලෝග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක් රුපියල් 1482ක් ලෙසත් පවතිනවා.

එමෙන්ම කිලෝග්‍රෑම් 2.3ගෑස් සිලින්ඩරයක මිල සටහන් වන්නේ රුපියල් 694ක් ලෙසයි.
 
(colombotimes.lk)