ඩෙංගු, චිකුන් ගුන්යා, ඉන්ෆ්ලුවෙන්සා සහ පාචනය වැළඳුණ ළමුන් වාර්තාවීම ඉහළයමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසනවා.
රිජ්වේ ආර්යා ළමා රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සඳහන් කළේ පසුගිය කාලය පුරා පැවති වාර්ෂාව ඊට හේතුවී ඇති බවයි.
එමෙන්ම අවුරුදු 6ට වැඩි දරුවන් අතරේ අධි රුධිර පීඩනය සහිත දරුවන් වාර්තාවීම ඉහළ යමින් පවතින බවද ඔහු සඳහන් කළා.
(colombotimes.lk)
