වැල්ලවාය පොලිස් බල ප්‍රදේශයට අයත් ආනපල්ලම ප්‍රදේශයේ දී අද උදෑසන සිදු වූ වන අලි පහරදීමකින් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්වී තිබෙනවා.
එම ප්‍රහාරයෙන් පසු තුවාල ලැබූ පුද්ගලයා වැල්ලවාය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී ඔහු මිය ගොස් තිබෙන බවයි වාර්තා වන්නේ.
මියගොස් ඇත්තේ ආනපල්ලම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 75ක් වන රත්නායක මුදියාන්සේලාගේ ගුණපාල නැමැති පුද්ගලයෙක් බව පොලීසිය සඳහන් කළා.
(colombotimes.lk)