01 May 2026

logo

2026 නොබෙල් සාම ත්‍යාගයේ නාම යෝජනා අතරට ට්‍රම්ප්ගේ නමත් එක්වෙයිද?



2026 නොබෙල් සාම ත්‍යාගය සඳහා අපේක්ෂකයින් 287දෙනෙක් පමණ සලකා බලන බව නොබෙල් කමිටුවේ ලේකම්වරයා සඳහන් කළ බව රොයිටර් පුවත් සේවය පවසනවා.

එම පුවත් සේවයට අනුව ලේකම්වරයා සඳහන් කර ඇත්තේ ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප්ද නාමයෝජනා ලැබූවන් අතරට එක්වීමට ඉඩ තිබෙන බවයි.

එමෙන්ම මෙම වසරේ නාමයෝජනා වලින් 208ක් පුද්ගලයන් වන අතර 79ක් සංවිධාන බවත් පසුගිය වසරට සාපේක්ෂව නව නාමයෝජනා රාශියක් ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)