2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ බංගලාදේශ කණ්ඩායම සහ ඇෆ්ගනිස්ථාන කණ්ඩායම අතර පැවති තරගයෙන් ඩක්වර්ත් ලුවිස් න්‍යායට අනුව ලකුණු 08ක ජයක් වාර්තා කිරීමට ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමත් වුණා.
තරගයේ කාසියේ වාසිය දිනාගත් ඇෆ්ගනිස්ථාන කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.
ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 115ක් රැස් කිරීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ බංගලාදේශ කණ්ඩායමට වර්ෂාවෙන් බාධා එල්ල වූ අතර ඔවුන්ට පන්දුවාර 17යි පන්දු 05ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගැනීමට හැකි වුණේ ලකුණු 105ක් පමණයි.
ඒ අනුව ඇෆ්ගනිස්ථානය මෙවර ලෝක කුසලානයේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලබාගත්තා.
(colombotimes.lk)
මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.
ඒ 'Colombo Times මැණික' තරගය හරහා.
තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.
Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos