13 May 2025


T20 World Cup 2024 | ඉන්දියාව අවසන් පූර්ව වටයට



2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඉන්දීය කණ්ඩායම සහ ඕස්ට්‍රේලියා කණ්ඩායම අතර ඊයේ (24) පැවති තරගයෙන් ලකුණු 24ක ජයක් වාර්තා කිරීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනාගත් ඕස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරාධනා කළා.

ඒ අනුව ඔවුන් සිය පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 205ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඕස්ට්‍රේලියා කණ්ඩායමට කඩුලු 07ක් දැවී රැස් කරගත හැකි වුණේ ලකුණු 181ක් පමණයි.

ඒ අනුව ඉන්දීය කණ්ඩායම තම ජයග්‍රාහී ඉලක්කය පසුකරමින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.   
(colombotimes.lk)

මෙවර T20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන් නම් කරන වටිනා මැණිකක් දිනා ගන්න ඔබට පුළුවන්.

ඒ 'Colombo Times මැණික' තරගය හරහා.

තරගයට ඇතුළත් වෙන්න පහත Link එකෙන් Colombo Times YouTube නාලිකාව Subscribe කර එහි Screenshot එකක් සමඟ මෙවර ලෝක ශූරයන් වන කණ්ඩායම ගැන ඔබේ අනුමානය 070 4444 948 අංකයට Whatsapp කරන්න.

Colombo Times YouTube නාලිකාව Subscribe කිරීමට පිවිසෙන්න >>>https://www.youtube.com/@ColomboTimes_LK/videos