04 January 2025


වසර අවසානයේ උද්ධමනයේ වෙනසක්



2024 දෙසැම්බර් මාසය සඳහා කොළඹ පාරිභෝගික මිල දර්ශකය සහ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය ප්‍රකාශයට පත්කර තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ කොළඹ නාගරික ප්‍රජාවගේ පාරිභෝගික උද්ධමන අනුපාතය   2024 දෙසැම්බර් මාසය සඳහා -1.7%ක් දක්වා වැඩිවී ඇති බවයි.

එය පසුගිය නොවැම්බර් මාසයේදී -2.1%ක් ලෙස වාර්තා වුණා.

2024 නොවැම්බර් මාසයේදී 0.6%ක් ලෙස සටහන් වූ ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 2024 දෙසැම්බර් මාසයේදී  0.8% දක්වා වැඩිවී තිබෙනවා.

ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2024 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය -3.0%ක් දක්වා වැඩි වී ඇති බවයි.

එය 2024 නොවැම්බර් මාසයේදී -3.3%ක් ලෙස වාර්තා වුණා.

(colombotimes.lk)