05 January 2025


මුද්‍රණය ප්‍රමාද වූ රියදුරු බලපත්‍ර ගැන තීරණයක්



මුද්‍රණය ප්‍රමාදවීම හේතුවෙන් එකතු වූ රියදුරු බලපත්‍ර මසක් ඇතුළත මුද්‍රණය කිරීමට පියවර ගන්නා බව ප්‍රවාහන, මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න කුමාර ගුණසේන ප්‍රකාශ කළා.

ඒ පසුගියදා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර පරිශ්‍රයේ හදිසි නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ මුද්‍රණය නොකළ රියදුරු බලපත්‍ර 13,000ක් ජනවාරි මාසය ඇතුළත නිකුත් කිරීමට පියවර ගන්නා බවයි.

(colombotimes.lk)