05 January 2025


ඉතිහාසයේ ඉහළම බදු ආදායම 2024දී



දේශීය ආදයම් දෙපාර්තමේන්තුව ඉතිහාසයේ මෙතෙක් රැස් කරන ලද ඉහළම බදු ආදායම පසුගිය 2024 වසරේදී රැස් කිරීමට සමත්වී තිබෙනවා.

දේශීය අදායම් දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ එය රුපියල් මිලියන 1,958,088ක් බවයි.

මෙය 2023 වසරට සාපේක්ෂව රුපියල් මිලියන 392,229ක වැඩි වීමක් වන අතර එහි වර්ධන වේගය 25.1%ක් බවද එම නිවේදනයේ සඳහන්.

(colombotimes.lk)