02 July 2025

logo

Youth Club හෙට ඇරඹෙයි



'Youth Club'  ව්‍යාපෘතිය හෙට (23) සිට ආරම්භ කරන බව තරුණ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර ප්‍රකාශ කළා.

 ඒ 'Youth Club'  ව්‍යාපෘතිය එළිදැක්වීම සම්බන්ධයෙන් මාධ්‍ය දැනුම්වත් කිරීම සඳහා අද (22) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ අනාගතයට සරිලන තරුණ පරම්පරාවක්  බිහිකිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට අදාළ පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කරන බවයි.

ඒ අනුව හෙට සිට ලබන ජූලි 31වනදා දක්වා දිවයින පුරා සියළුම ග්‍රාම සේවා වසම් ආවරණය කරමින් 'Youth Club'  යෞවන සමාජ 14,033ක් ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

(colombotimes.lk)