සංවිධානාත්මක අපරාධ ක්‍රියා සම්බන්ධයෙන් ක්‍රියාත්මක වීම සඳහා නව නීති හඳුන්වා දෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල පවසනවා.
ඔහු කියා සිටියේ ත්‍රස්ත මර්දන පනත අහෝසි කිරීමට රජය මේ වන විට ප්‍රතිපත්තිමය තීරණයකට එළඹී ඇති බවයි.
අත්අඩංගුවට පත්වන සංවිධානාත්මක අපරාධකරුවන් දැනට රඳවා තබා ගෙන ප්‍රශ්න කිරීම සිදු වන්නේ ත්‍රස්ත මර්දන පනතේ ප්‍රතිපාදනවලට යටත්ව බව අමාත්‍යවරයා සඳහන් කළා.
ඔහු කියා සිටියේ එම පනත අහෝසි කිරීමත් සමඟ සංවිධානාත්මක අපරාධකරුවන් රඳවා තබා ප්‍රශ්න කිරීමට නව නීති ප්‍රතිපාදන අවශ්‍ය බවයි.
ඒ අනුව අදාළ නව පනත් කෙටුම්පත අධිකරණ අමාත්‍යාංශයේ මැදිහත්වීමෙන් මේ වන විට කෙටුම්පත් සකස් කරමින් කරමින් පවතින බවද අමාත්‍යවරයා සඳහන් කළා.
(colombotimes.lk)