28 June 2025

logo

ඩොනල්ඩ් ට්‍රම්ප් විශේෂ තීරණයක් ගනියි



කැනඩාව විශාල තාක්ෂණික සමාගම් ඉලක්ක කර ගනිමින් බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට පටන් ගැනීමට බලාපොරොත්තු වන බැවින් තමන් 'වහාම' කැනඩාව සමඟ වෙළෙඳ සාකච්ඡා නවතා දමන බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා. 
 
ඔහු වැඩිදුරටත් කියා සිටියේ ඉදිරි සතිය තුළ දේශසීමාව හරහා ප්‍රවාහනය කරන භාණ්ඩ සඳහා ද නව තීරුබදු ප්‍රකාශයට පත් කරන බවයි. 
 
එමෙන්ම කැනඩාව සමඟ පවතින සියලු වෙළෙඳාම සාකච්ඡා වහාම ක්‍රියාත්මකවන පරිදි මෙසේ අවසන් කරන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා. 

(colombotimes.lk)