02 July 2025

logo

ජපානයෙන් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 2.5ක්



මෙරට දූෂණ විරෝධී යාන්ත්‍රණය ශක්තිමත් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක ව්‍යාපෘතියකට ජපන් රජයෙන් ඩොලර් මිලියන 2.5ක් ලබාදීමට පියවර ගෙන තිබෙනවා. 
 
ඊට අදාළ ගිවිසුම අද (01) ජපන් තානාපති කාර්යාලයේදී ජපන් තානාපති AKIO ISOMATA, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නේවාසික නියෝජිත Azusa Kubota සහ අධිකරණ අමාත්‍ය, නීතිඥ, හර්ෂන නානායක්කාරගේ සහභාගීත්වයෙන් සිදු කර තිබෙන බවයි වාර්තා වන්නේ. 
 
රාජ්‍ය සහ ආයෝජන ප්‍රවර්ධන අංශවල ඵලදායීතාවය, ආයතනික දූෂණ වැළැක්වීමේ යාන්ත්‍රණය හරහා ව්‍යාපාර භාවිතයන්හී විනිවිදභාවය, වගවීම සහ අඛණ්ඩතාවය ප්‍රවර්ධනය, ආදි කරුණු මෙම ව්‍යාපෘතිය තුළින් ක්‍රියාත්මක වනවා.

(colombotimes.lk)