21 January 2025


අම්පාර දිස්ත්‍රික්කයේ කුඹුරු අක්කර 3,000ක් යටවෙයි



අම්පාර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර තත්ත්වය හේතුවෙන් කුඹුරු ඉඩම් අක්කර 3,000ක් පමණ ජලයෙන් යටවී ඇති බව ඉඩම් හා වාරිමාර්ග‍ නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය සුසිල් රණසිංහ ප්‍රකාශ කළා.

ඒ අද (21) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින්.

එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ එහි වතුර බැසයාමේ අඩුවක් තිබෙන බවට වාර්තා වන බවයි.

ජලයෙන් යටවූ කුඹුරු අක්කර 3,000කින් 1,000ක් පමණ ජලය බැස යාම හේතුවෙන් ආරක්ෂා වී ඇති බව අම්පාර දිස්ත්‍රික්ක සම්බන්ධීකරණ කමිටුවේ සභාපති නියෝජ්‍ය අමාත්‍ය වසන්ත පියතිස්ස සඳහන් කළා.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ තවත් කුඹුරු අක්කර 1,000ක් පමණ බේරා ගැනීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.

(colombotimes.lk)