කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ විකිරණ පරීක්ෂණ යන්ත්‍ර 02ක් මේ වන විට අක්‍රීය තත්ත්වයට පත්වී තිබෙනවා.
කොළඹ ජාතික රෝහලේ වැඩ බලන නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්. පී. ඒ. එල් රණවීර සඳහන් කළේ එම යන්ත්‍ර අක්‍රීය වුවද රෝගීන්ගේ විකිරණ පරීක්ෂණ කටයුතු සිදු කිරීම සඳහා රෝහල තුළ විකල්ප වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි.
බිඳවැටී ඇති යන්ත්‍ර 2ම පැරණි විකිරණ පරීක්ෂණ යන්ත්‍ර වන බවත් එම යන්ත්‍ර යථාවත් කිරීම සඳහා අදාළ සමාගමට මේ වන විට දැනුම් දී ඇති බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.