ශ්‍රී ලංකාවට අලුතින් පත්ව සිටින තානාපතිවරු 7දෙනෙක් අද (15) පෙරවරුවේ ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත නිල වශයෙන් සිය අක්තපත්‍ර භාරදී තිබෙනවා.
ඒ ජනාධිපති කාර්යාලයේදීයි.
ආජන්ටිනා ජනරජය, සිම්බාබ්වේ ජනරජය, ඊශ්‍රායලය, පිලිපීන ජනරජය, ටජිකිස්තාන ජනරජය, කාම්බෝජ රාජධානිය සහ ඩෙන්මාර්ක් රාජධානිය සඳහා එලෙස නව තානාපතිවරුන් පත්වී තිබෙනවා.
(colombotimes.lk)