02 August 2025

logo

අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට



අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 11 මිලිග්‍රෑම් 200ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙක් ඊයේ (25) කොටහේන පොලිස් වසමේ මැල්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොටහේන පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමකට ලද තොරතුරකට අනුව සිදු කළ වැටලීමක් අතරතුරදීයි.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 26ක් වන කොළඹ 12 ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.  

(colombotimes.lk)