මේ වන විට දිවයිනේ ප්රදේශ රැසක පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු කර තිබෙනවා.
දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ අද (27) රාත්රියේ කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වීමට නියමිතව තිබූ රාත්රී තැපැල් දුම්රිය සහ බදුල්ලේ සිට කොළඹ කොටුව බලා ගමන් කිරීමට නියමිතව තිබූ තැපැල් දුම්රිය අවලංගු කිරීමට තීරණය කර ඇති බවයි.
මේ අතර මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය පොළොන්නරුව දුම්රිය ස්ථානයට සීමා කර ඇති අතර උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයද දහවල් කාලයේදී නානුඔය දුම්රිය ස්ථානය දක්වා සීමා කර තිබෙනවා.
(colombotimes.lk)