25 December 2024


ආයතන කිහිපයක සේවකයින්ට Bonus දෙන විදිහ ගැන චක්‍රලේඛයක්



රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල කාර්ය මණ්ඩලයට 2024 වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීමට අදාළව මුදල් ක්‍රමසම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

එම චක්‍රලේඛය මඟින් නිර්දේශ ඉදිරිපත් කර ඇත්තේ මෙම වර්ෂය සඳහා ප්‍රසාද දීමනා ගෙවීම සිදුකළ යුතු ආකාරය පිළිබඳවයි.

භාණ්ඩාගාර ලේකම් මහින්ද සිරිවර්ධන විසින් නිකුත් කර ඇති මෙම චක්‍රලේඛය සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, රාජ්‍ය සංස්ථා, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ රජය සතු සමාගම්වල සභාපතිවරුන්  වෙත නිකුත් කර තිබෙනවා.

අදාළ චක්‍රලේඛය පහතින්...