22 March 2025


2025 අයවැය සංශෝධන සහිතව වැඩි ඡන්දයෙන් සම්මතයි



2025 අයවැය තෙවන වර කියවීම සංශෝධන සහිතව අද (21) පාර්ලිමේන්තුවේදී වැඩි ඡන්ද 114කින් සම්මත වී තිබෙනවා.

ඒ අනුව අයවැයට පක්ෂව ඡන්ද 159ක් හා විරුද්ධව ඡන්ද 45ක් හිමිවූ බවයි වාර්තා වන්නේ.

අයවැය තෙවනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය දින 19ක් පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.



(colombotimes.lk)