යුද්ධ කාලයේ පවරා ගත් උතුරේ ඉඩම් යළි ජනතාවට ලබාදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා. ඒ මන්නාරම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින්. එහිදී ඔහු වැඩිදුරටත් සඳහන් කළේ මන්නාරම සහ රාමේශ්වරම් බෝට්ටු සේවාව නැවත ආරම්භ කිරීමට රජය සූදානම් බවයි