නීති විරෝධිව මෙරටට රැගෙන ආ කොකේන් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විදෙස් ජාතිකයෙක් අද (20) අලුයම කටුනායකදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින්.
59 හැවිරිදි බ්‍රසීල ජාතික ගුරුවරයෙක් එලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
රේගු නිලධාරීන් සඳහන් කළේ ඔහු කොකෙන් කිලෝ 04 ග්‍රෑම් 855ක් රැගෙන විත් ඇති බවයි.
එහි වටිනාකම රුපියල් 24,300,000ක් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)