ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කඩිනමින් අහෝසි කිරීමට රජය පියවර ගෙන තිබෙනවා.
ඒ යුරෝපා සංගමයෙන් ශ්‍රී ලංකා අපනයන සඳහා ලබා දී ඇති GSP+ බදු සහනය දීර්ඝ කර ගැනීමේ අරමුණින්.
මෙම බදු සහනය ලබා දීම පිළිබඳව සමාලෝචනය කිරීමට ලබන මැයි මස යුරෝපා සංගමයේ කණ්ඩායමක් මෙරටට පැමිණීමට නියමිතයි.
ඔවුන් මේ සඳහා ලබා දී ඇති ප්‍රධාන පෙළේ කොන්දේසියක් ලෙස ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත සංශෝධනයට ලක් කිරීම හෝ අහෝසි කිරීම සඳහන් වන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)