colombotimes.lk
සිංහල | English

17 September 2024


වැස්සත් සමඟ ඉන්දියාවේ කිඹුලන් නිවෙස් තුළට



ඉන්දියාවේ ගුජාරට් ප්‍රාන්තයට මේ දිනවල පවතින අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ විශ්වමිත්‍ර නදිය පිටාර ගැලීමෙන් ඒ  ආශ්‍රිත ගම්මාන රැසක ජනතාව පීඩාවට පත්වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ පිටාර ගැලූ විශ්වමිත්‍ර නදියේ ජීවත්වන කිඹුලන් ඒ ආශ්‍රිත නිවෙස්වලට රිංගා ඇති බවයි.

එලෙස නිවෙස් තුළට රිංගා ගත් කිඹුලන් ඉවත් කිරීමට ගම් වැසියන්ට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුව තිබෙනවා.

(colombotimes.lk)