මේ වසරේ ගෙවුණු කාලය තුළ ඩෙංගු රෝගීන් 2,352ක් වාර්තා වූ බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසනවා.
ඒ අනුව වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබෙන බවයි වාර්තා වන්නේ.
එම සංඛ්‍යාව දැක්වෙන්නේ 374ක් ලෙසයි.
කොළඹින් රෝගීන් 304ක්, ගාල්ලෙන් රෝගීන් 169ක් සහ මහනුවරින් රෝගීන් 134ක් වාර්තා වී තිබෙනවා.
ජාතික ඩෙංගු මර්ධන ඒකකය සඳහන් කළේ පසුගිය වසරේදී මෙරටින් ඩෙංගු රෝගීන් 49,887ක් හමුවූ බවයි.
එමෙන්ම ඩෙංගු මරණ 24ක් සිදු වී තිබෙනවා.
(colombotimes.lk)