ඉලංකෙයි තමිල් අරසු පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් එළඹෙන 18වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ඒ ත්රිකුණාමලයේදීයි.
පක්ෂයේ වැඩබලන නායක සී. වී. කේ. සිවඥානම්ගේ ප්‍රධානත්වයෙන් එම රැස්වීම පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.
එහිදී ඉදිරි පළාත් පාලන ඡන්දයට තරග කිරීම පිළිබඳව සහ එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්ට එරෙහිව ගෙන ඇති ක්‍රියාමාර්ග ඇතුළු කරුණු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිතව තිබෙනවා.
(colombotimes.lk)