හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම තුළින් උපයාගත් රුපියල් කෝටි ගණනක දේපළ සම්බන්ධයෙන් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ ගොනුකර තිබූ චෝදනාවලට වරදකරු වූ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන ගම්පොළ විධානලාගේ සමන්ත කුමාර හෙවත් වෙලේසුදාට, ඔහුගේ බිරිඳ සහ තවත් කාන්තාවකට කොළඹ මහාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර 08ක සිරදඬුවම් නියම කර තිබෙනවා.
දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ විසින් මෙම තීන්දුව ලබාදී තිබෙන බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව විත්තිකරුවන්ට දඩ මුදල්ද නියම කර තිබෙනවා.
එමෙන්ම නීතිවිරෝධී ලෙස උපයාගත් දේපළ මුදල් හා රන් භාණ්ඩ රාජසන්තක කිරීමටත් අධිකරණය විසින් නියම කර තිබෙන බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)