colombotimes.lk
සිංහල | English

06 May 2024

ස්ථීර පත්වීම් ලබාදීම ගැන රජයෙන් අලුත් තීරණයක්



පළාත් පාලන ආයතනවල සිටින සේවකයින් සඳහා ස්ථීර පත්වීම් ලබාදීම සඳහා රජයේ අවධානය යොමු වී තිබෙන බව පළාත් සභා පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පවසනවා.

ජනාධිපති ලේකම් කාර්යාලයේදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරු අතර ඊයේ (25) පස්වරුවේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව කියා සිටියා.
 
රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඒ අනුව පළාත් පාලන ආයතනවල සිටින 8400ක පමණ වූ සේවකයින් ප්‍රමාණය සඳහා කඩිනමින් ස්ථිර පත්වීම් ලබාදීමට සූදානම් බවයි.
(colombotimes.lk)