16 May 2025


ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපතිට ලැබුණු අධිකරණ තීන්දුව



අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් ඉඩම් ගොඩකිරීමේ හා සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සභාපති හර්ෂාන් ද සිල්වා ඇප මත මුදාහරින ලෙස නියෝග කර තිබෙනවා.

ඒ එම සැකකරුව අද (15) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයි.

කොළඹ ගංවතුර පාලනය කිරීම සඳහා ආරම්භ කළ වේරන්ස් ගඟ ව්‍යාපෘතිය සඳහා වෙන් කරන ලද මුදල් ප්‍රසම්පාදන ක්‍රියාවලියකින් තොරව එම ව්‍යාපෘතියේ මූලික අදියරේ උත්සව කටයුතුවලට වියදම් කර රජයට රුපියල් ලක්ෂ 275ක පාඩුවක් කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ අනුව සැකකරු රුපියල් මිලියනය බැගින් වූ ශරීර ඇප 5ක් මත මුදා හැරීමට නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
 
එමෙන්ම සැකකරුගේ විදේශ ගමන් තහනම් කිරීමටත් මෙම පැමිණිල්ල ජුනි 24වනදා යළි කැඳවන ලෙසත් එහිදී මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබෙනවා.


(colombotimes.lk)