15 May 2025


හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙක්ට එරෙහි නඩුවක විත්ති වාචකය කැඳවයි



හිටපු නියෝජ්‍ය අමාත්‍ය සරණ ගුණවර්ධනට එරෙහිව ගොනුකර තිබෙන නඩුවක විත්ති වාචකය කැඳවන ලෙස කොළඹ මහාධිකරණය අද (15) නියෝග කළා.

2007 වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපතිවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී එහි වාහනයක් අවභාවිතා කළ බවට චෝදනා කරමින් ඔහුට එරෙහිව අල්ලස් කොමිසම විසින් මෙම නඩුව ගොනු කර තිබෙනවා.

මෙම නඩුවේ චෝදනාවලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කරනවාද? නොමැතිනම් විත්තිකරුට එරෙහිව විත්ති වාචකය කැඳවනවාද? යන තීරණය අද ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණා.

ඒ අනුව එම තීරණය ප්‍රකාශයට පත් කරමින් කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. එස්. එස් සපුවිද නියම කළේ මෙම නඩුවේ විත්තිකරුගෙන් විත්ති වාචකය කැඳවන ලෙසයි.

අදාළ නඩුව යළි ජූලි 21වනදා කැඳවීමට නියම කර තිබෙනවා.

(colombotimes.lk)