19 March 2025


ලබන 22වනදා සහ 23වනදා ඩිජිටල් ගෙවීම් ප්‍රවර්ධන වැඩසටහනක්



2025 වසර සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව සිය මීළඟ ඩිජිටල් ගෙවීම් ප්‍රර්වධන වැඩසටහන ලබන 22වනදා සහ 23වනදා නුවරඑළියේදී පැවැත්වීමට තීරණය කර තිබෙනවා.

ඒ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්‌ය නන්දලාල් වීරසිංහගේ සහභාගීත්වයෙන්.

මෙම වැඩසටහන ග්‍රෙගරි වැව - රථ ගාලේදී පැවැත්වෙන බවයි වාර්තා වන්නේ.

මහ බැංකුව සඳහන් කළේ මේ සඳහා බැංකු, මූල්‍ය සමාගම් සහ විදුලි සංදේශ සමාගම් වැනි විද්‍යුත් මුදල් සේවා සපයන්නන් ඇතුළු ජංගම ගෙවීම් යෙදුම් සේවා සපයන්නන් මෙන්ම ක්ෂුද්‍ර, කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ද සහභාගී වන බවයි.

(colombotimes.lk)