පසුගිය දිනවලට සාපේක්ෂව මෙරට වෙළඳපොළේ රන් මිලෙහි අගය අද (28) සැලකිය යුතු ලෙස ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව අද රන් අවුන්සයක මිල රුපියල් 913,296ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
එය ඊයේ (27) සටහන් වුණේ රුපියල් 899,305ක් ලෙසයි.
එමෙන්ම අද කැරට් 22 ග්‍රෑම් 8ක මිල රුපියල් 236,300ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
කැරට් 22 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 29,540ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.
මේ අතර කැරට් 24 රන් ග්‍රෑම් 1ක මිල රුපියල් 32,220ක් ලෙස සටහන් වුණා.
(colombotimes.lk)