24 April 2025


ඉන්දියාවෙන් දැඩි තීරණයක්



ඉන්දියාවේ සිටින සියලුම පාකිස්ථාන ජාතිකයන් ලබන 29වනදාට පෙර එරටින් පිටවිය යුතු බව ඉන්දීය විදේශ අමාත්‍යාංශය පවසනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන්දියාවේ පාලන ප්‍රදේශයක් වන කාශ්මීරයේදී සංචාරකයන් ඉලක්ක කර ගනිමින් එල්ල කළ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ඉන්දියාව මෙම තීරණය ගෙන ඇති බවයි.

ඊට ප්‍රතිචාර දක්වමින් ඉන්දීය පුරවැසියන්ට නිකුත් කර ඇති සියලුම විශේෂ වීසා අවලංගු කිරීමට පාකිස්ථානය තීරණය කර තිබෙනවා.

එමෙන්ම ඉන්දියාවට අයත් හෝ ඉන්දීය ගුවන් සේවා මඟින් පවත්වාගෙන යන ගුවන්යානා සියල්ලටම තම ගුවන් කලාපය වසා දැමීමටද පාකිස්ථානය තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)