ජනාධිපති අනුර කුමාර දිසානායක අද (24) වතිකානු තානාපති කාර්යාලයට පැමිණ තිබෙනවා.
එහිදී ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අභාවය පිළිබඳව ජනාධිපතිවරයා සිය ශෝකය පළ බවයි වාර්තා වන්නේ.
ශ්‍රී ලංකාවේ වතිකානුවේ අපෝස්තලික තානාපති අතිපූජ්‍ය අගරදගුරු බ්‍රයන් එන්. උඩයිග්වේ විසින් ජනාධිපතිවරයාව උණුසුම් ලෙස පිළිගෙන තිබෙනවා.
අගරදගුරු උඩයිග්වේ සමඟ කෙටි සාකච්ඡාවකින් පසු ජනාධිපති අනුර කුමාර දිසානායක ශෝක ප්‍රකාශන පොතේ අත්සන් තබා ඇති බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)