කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (24) ඒකක 71.64කින් ඉහළ ගොස් තිබෙනවා.
ඒ අනුව දිනය අවසානයේ සියලු කොටස් මිල දර්ශකය සටහන් වුණේ ඒකක 15,615.63ක් ලෙසයි.
එය ඊයේ (23) දිනයට සාපේක්ෂව 0.46%ක ඉහළ යාමක් බවයි වාර්තා වන්නේ.
මේ අතර අද පිරිවැටුම රුපියල් බිලියන 1.4ක් ලෙස සටහන් වී තිබෙනවා.