මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ භාර වූ කොළඹ අපරාධ කොට්ඨාශයේ හිටපු සහකාර පොලිස් අධිකාරී නෙවිල් සිල්වා ඇප මත මුදා හැර තිබෙනවා.
2023 වසරේ වැලිගම හෝටලයක් ඉදිරිපිට සිදු වූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළ ඔහු අද (24) මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ භාර වුණා.
ඒ අනුව එහිදී ඔහුව රුපියල් ලක්ෂ 2ක ශරීර ඇපයක් මත මුදා හැරීමට අධිකරණය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ.
එම සිද්ධිය සම්බන්ධයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු සැකකරුවන් 8දෙනෙක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය පසුගියදා නියෝග කළා.
අදාළ නඩුවේ 9වන සැකකරු නෙවිල් සිල්වා බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)