colombotimes.lk
සිංහල | English

05 May 2024

විදේශ සේවා නියුක්ති කාර්යාංශයෙන් රට යන අයට සියලු පහසුකම්



විදේශ ගත රැකියා සඳහා යොමුවන ශ්‍රී ලාංකිකයන්ට විදේශ සේවා නියුක්ති කාර්යාංශය හරහා අවශ්‍ය සියලුම සේවා ලබා ගැනීමට හැකි බව විදේශ සේවා නියුක්ති කාර්යංශයේ අධ්‍යක්ෂ, ඇමරිකාවේ හිටපු ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් ජෙෆ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.
 
කොවිඩ් සමයෙන් පසු රට තුළ පැවති විදෙස් සංචිත ගැටලුව වසර 3කටත් පෙර නිරාකරණය කිරීමට හැකි වුණේ මෙරට විදෙස්ගත ශ්‍රමිකයන් විසින් රටේ ආර්ථිකයට දැක් වූ සහයෝගය නිසා බවයි ඒ මහතා කියා සිටියේ.

එමෙන්ම මේ වන විට ප්‍රධාන වශයෙන් ඊශ්‍රායලය විසින් ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ට ඉතා ඉහළ වැටුප් සහිත රැකියා දසදහසක් ලබා දී ඇති බව සඳහන්.

ඒ අනුව දැනට පවතින සාකච්ඡා අනුව තවත් රැකියා අවස්ථා මෙරටට උදා කර දීමට කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූශ නානායක්කාර විසින් කටයුතු කරන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.

(colombotimes.lk)