කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනයේ ආධාර යටතේ කොළඹ මහ නගර සභාව සඳහා පූර්ණ ස්වයංක්‍රීය ආදායම් උත්පාදන පද්ධතියක් ස්ථාපිත කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.
වරිපනම් බදු, බලපත්‍ර ගාස්තු, වෙළෙඳ බදු සහ මුද්දර ගාස්තු යන ප්‍රධාන ආදායම් ප්‍රභව 04 මඟින් කොළඹ මහ නගර සභාව ඉහළ ආදායමක් උත්පාදනය කරන බවයි වාර්තා වන්නේ.
එම ආදායම් ප්‍රභව 04 ස්වයංක්‍රීය කරණය කිරීමෙන් සමස්ත ආදායම් උත්පාදනය ඉහළ නංවා ගැනීම සඳහා කොළඹ මහ නගර සභාව, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය සහ විදේශ සම්පත් දෙපාර්තමේන්තුව එක්ව කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය වෙත සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබෙනවා.
ඒ සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 8.5ක ආධාර මුදලක් ලබාදීමට කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිතායතනය එකඟතාව පළ කර ඇති බවයි වාර්තා වන්නේ.