රාජ්‍ය නිලධාරීන්ට සිදු වන අකටයුතුකම් සහ පහරදීම් සම්බන්ධයෙන් දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍යාංශය පවසනවා.
ඒ පසුගිය දිනක වනජීවි දෙපාර්තමේන්තු නිලධාරියෙක්ට හිටපු මන්ත්‍රිවරයෙක්ගේ සමීපතමයෙක් පහරදීමට උත්සාහ කිරිමේ සිදුවීමත් සමඟයි.
රාජකාරි වේලාව තුළදී පුත්තලම ප්‍රදේශයේ වන අලි අභය භූමියට පලවා හැරී වනජීවි දෙපාර්තමේන්තුවේ නිලධාරියෙක්ට අදාළ මන්ත්‍රීවරයාගේ සමීපතමයා පහරදීමට උත්සහ කර ඇති බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයතු අමාත්‍ය මහාචාර්යය චන්දන අබේරත්න සඳහන් කළා.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ දිවයිනේ විවිධ ප්‍රදේශවල රාජ්‍ය නිලධාරීන්ට සිදුවන අකටයුතුකම් හා රාජකාරියට බාධා කිරිම් සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමුකර අදාල පුද්ගලයන්ට නීතිමය පියවර ගන්නා බවයි.
(colombotimes.lk)