ප්‍රශ්නගත බහාලුම් නිදහස් කිරීම සම්බන්ධ සිද්ධියට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අද උදෑසන (09) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල ඉන් පිටව ගොස් තිබෙනවා.
ඒ පැය 3ක ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුවයි.
ඔහු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සඳහන් කළේ එම බහාලුම් 323ට අදාළ ලැයිස්තුව ප්‍රසිද්ධ කිරීමට බලාපොරොත්තු වන බවයි.