20 April 2025


ලබන වසරේ සිට අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක්



ගම්වල ජනතාව දුප්පත් භාවයෙන් මුදවා ගැනීම වෙනුවෙන් අධ්‍යාපනයේ විශාල පරිවර්තනයක් සිදු කළ යුතු බව ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රකාශ කළා.

ඒ ඊයේ (19) බදුල්ලේ පැවති ජන හමුවකට එක්වෙමින්.

එහිදී ඔහු කියා සිටියේ පවතින අධ්‍යාපන ක්‍රමය නව රජය වෙනස් කරන බවයි.

ඒ අනුව 2026 වසරේ සිට 1 වසරට සහ 6 වසරට නව විෂයමාලා හඳුන්වාදෙන බව ඔහු සඳහන් කළා.

ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ 10 වසරේදී දරුවන්ට තේරි විභාගයක් පැවැත්වීමට අපේක්ෂා කරන බවයි.
 
(colombotimes.lk)