20 May 2026

logo

සංචාරක පැමිණීම්වල වර්ධනයක්



වසරේ ගත වූ කාලය තුළ සංචාරකයන් 950,000කට වැඩි පිරිසක් දිවයිනට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසනවා. 

එම අධිකාරිය සඳහන් කළේ ජනවාරි 01වනදා සිට මැයි 17වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 951,742ක් දිවයිනට පැමිණ තිබෙන බවයි.
 
ඒ අනුව ඉන්දීය ජාතිකයන් 221,953ක් මෙරටට පැමිණ තිබෙන බව සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කළා.
 
එමෙන්ම බ්‍රිතාන්‍ය, රුසියාව, ජර්මනිය සහ චීනය ඇතුළු රටවලින් ද සංචාරකයන් වැඩි පිරිසක් දිවයිනට පැමිණ තිබෙන බවයි වාර්තා වන්නේ. 

මේ අතර මැයි මස 01වනදා සිට 17වනදා දක්වා කාලය තුළ සංචාරකයන් 75,465දෙනෙක් දිවයිනට පැමිණ තිබෙනවා.

(colombotimes.lk)