රුපියල් ලක්ෂ 600ක් වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් සමඟ පුද්ගලයන් 4දෙනෙක් රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
රේගු නිලධාරීන් සඳහන් කළේ එය මෑතකාළීන ඉතිහාසයේ විශාලතම දුම්වැටි වැටලීම බවයි.
එමිරේට්ස් ගුවන් සේවයට අයත් යානයකින් ඩුබායි සිට කටුනායක ගුවන් තොටුපොළ දක්වා පැමිණි අවුරුදු 25ත් 30ත් අතර පසුවන තරුණයන් 4දෙනෙක් එහිදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඔවුන් කොළඹ වැල්ලම්පිටිය, දෙමටගොඩ, බම්බලපිටිය සහ කොස්වත්ත යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ.
(colombotimes.lk)