17 June 2025


නිදහස් පක්ෂය ප්‍රමුඛ නව සන්ධානයේ නායකත්වය අර්බුදයක



ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මූලික කර ගනිමින් ගොඩ නැගීමට නියමිත නව සන්ධානයේ නායකත්වය සම්බන්ධයෙන් අර්බුදයක් මතුව තිබෙනවා.

ඒ නව සන්ධානයේ නායකත්වය ලබා ගැනීමට කැමැත්ත පළ කර සිටි හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සිය ස්ථාවරය වෙනස් කිරීමත් සමඟයි.

නිදහස් පක්ෂ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නව සන්ධානය පිළිබඳව සාකච්ඡා කිහිපයක් පවත්වා තිබෙනවා.

ඒ අනුව හිටපු ජනාධිපතිනිය සමඟ මේ සම්බන්ධයෙන් යළිත් වරක් සාකච්ඡා කිරීමට ද එම සාකච්ඡාවේ දී තීරණය ඇති බවයි වාර්තා වන්නේ.

(colombotimes.lk)