17 May 2026

logo

අඩු පීඩන කලාපය දුර්වල වෙයි



දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලත් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලත් යාත්‍රා කරන ධීවර සහ නාවික ප්‍රජාව සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වන්නේ ශ්‍රී ලංකාවට උතුරු දෙසින් පැවති අඩු පීඩන කලාපය මේ වන විට දුර්වල වී ඇති අතර එම නිසා දිවයින වටාවන මුහුදු ප්‍රදේශවලටත් බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශවලටත් එහි බලපෑම ක්‍රමයෙන් අඩු වන බවයි.

(colombotimes.lk)