09 June 2025


කොළඹ සිට ගමන් කළ නෞකාවක දැවැන්ත පිපිරීමක්



කොළඹ සිට නාවා ශෙවා වරාය බලා ගමන් කරමින් තිබූ MV WAN HAI 503 නෞකාවේ පහළ තට්ටුවේ පිපිරීමක් සිදුවී තිබෙනවා.
 
එම පිපිරීම සිදුවන අවස්ථාවේ නෞකාව තුළ පුද්ගලයන් 22දෙදෙනෙක් සිට ඇති බවයි වාර්තා වන්නේ. 

අනතුරින් 4දෙනෙක් අතුරුදන් වී තවත් 5දෙනෙක් බරපතළ තුවාල ලබා සිටිනවා. 

විදෙස් මාධ්‍ය වාර්තා කළේ මේ වනවිට ඉන්දීය නාවික ආරක්ෂක බලකාය මඟින් ICGS රාජදූත්, ICGS අර්නවේෂ්, ICGS සචේත් යන විශේෂ නෞකා අනතුර සිදු වූ ස්ථානයට පිටත්කර යවා ඇති බවයි.

(colombotimes.lk)