03 July 2025

logo

ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් හෙට දිවයිනට



ඉන්දියාවෙන් ආනයනය කරන පළමු ලුණු තොගය හෙට (27) දිවයිනට රැගෙන ඒමට නියමිතව තිබෙනවා.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සඳහන් කළේ එහිදී ලුණු මෙට්‍රික් ටොන් 4,500ක් පළමු තොගය ලෙස දිවයිනට රැගෙන ඒමට නියමිත බවයි.

පැවති අයහපත් කාලගුණ තත්ත්වයත් සමඟ රට තුළ ලුණු හිඟයක් ඇතිවීමේ අවදානමක් නිර්මාණය වුණා.

ඒ අනුව ඊට විසඳුමක් ලෙස අමු අයඩීකරණය නොකළ ලුණු මෙට්‍රික්ටොන් 30,000ක් ආනයනය කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වුණා.

(colombotimes.lk)