17 May 2026

logo

මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403කට වැඩ වරදියි



මදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන ගිය 403දෙනෙක්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගත් බව සෞඛ්‍ය අමාත්‍යංශය පවසනවා.
 
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර සඳහන් කළේ විශේෂ මදුරු මර්දන සතියේ 03වන දිනය අවසන් වන විට පරිශ්‍ර 78,721ක් පරීක්ෂා කළ බවයි. 

ඒ අනුව ඊයේ (02) දිනය තුළ පරීක්ෂා කර ඇති පරිශ්‍ර ගණන 30,367ක් බවයි වාර්තා වන්නේ. 

ඉන් 117දෙනෙක්ට එරෙහිව නීතිමය පියවර ගෙන තිබෙනවා.
 
පසුගිය 30වනදා සිට දිස්ත්‍රික්ක 16ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම විශේෂ මදුරු මර්දන සතිය ආරම්භ කෙරුණා. 

(colombotimes.lk)