බංගලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස 06ක සිර දඬුවමක් නියම කර තිබෙනවා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ අධිකරණයට අපහාස කිරීමේ නඩුවකට අදාළව ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් මෙම නියෝගය ලබාදී ඇති බවයි.
බංගලාදේශයේ ඇති වූ විරෝධතා හමුවේ 2024 අගෝස්තු 5වනදා ඇය සිය ධූරයෙන් ඉල්ලා අස් වී ඩකාහී පිහිටි ඇයගේ නිවස ද අතහැර ඉන්දියාවේ හෙළි නොකළ ස්ථානයකට රට හැර පළායාමට තීරණය කළා.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ ඉන් පසුව ඇයට එරෙහිව නඩුවකට දඬුවම් නියම වූ පළමු අවස්ථාව මෙය බවයි.
හසීනාට එරෙහිව නඩු 155ක් ගොනුකර ඇති අතර එයින් මිනීමැරුම් නඩු 136ක්, මිනීමැරීමට තැත් කිරීමේ නඩු 8ක්, පැහැරගැනීමේ නඩු 3ක් සහ මනුෂ්‍යත්වයට එරෙහි අපරාධ සහ ජන සංහාර නඩු 7ක් ඇයට එරෙහිව ගොනු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
(colombotimes.lk)