03 July 2025

logo

වසරේ ගෙවුණු කාලය තුළ මෙරටට ගෙනා මත්ද්‍රව්‍ය ගැන අනාවරණයක්



වසරේ මේ දක්වා කාලය තුළ නීති විරෝධී ලෙස මුහුදු මාර්ගය ඔස්සේ රුපියල් බිලියන 23ක පමණ වටිනාකමකින් යුත් හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය මෙරටට රැගෙන විත් ඇති බව පොලීසිය පවසනවා.
 
පොලීසිය සඳහන් කළේ එම මත්ද්‍රව්‍ය ප්‍රධාන වශයෙන් ප්‍රවාහනය කර ඇත්තේ ධීවර යාත්‍රා මඟින් බවයි. 

වැටලීම් 04ක් මඟින් අදාළ මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන ඇති අතර අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් ගණන 25ක් බව පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා. 

එමෙන්ම අදාළ වැටලීම්වලදී හොරොයින් කිලෝග්‍රෑම් 542ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1216ක් පොලීසිය භාරයට ගෙන  තිබෙන බවයි වාර්තා වන්නේ. 

(colombotimes.lk)